ශවේන්ද්‍ර සිල්වාට සේවා දිගුවක්

ජූනි 18, 2019

    යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට මේ වසරේ දෙසැම්බර් 31 දක්වා සේවා දිගුවක් ලබාදී තිබේ.

    මේ වසරේ ජුනි මස ඔහුගේ සේවා කාලය අවසන්වීමට තිබූ අතර, ඒ අනුව මෙම සේවා දිගුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් ලබාදී ඇත. 2019 වසරේ ජනවාරි මස යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත්වූ මේජර් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ගජබා රෙජිමේන්තු අධිපති ලෙසත්, කමාන්ඩෝ රෙජිමේන්තු අධිපති ලෙසත් ක්‍රියා කරයි. 1964 ජුනි 22 දින උපන් ශවේන්ද්‍ර සිල්වා මහතා 1984 දී යුද හමුදා දෙවැනි ලුතිනන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට බැඳී තිබේ.

    Latest News