NTJ ඇතුළු තහනම් සංවිධාන විමර්ශන වාර්තා නීතිපති ඉල්ලයි

ජූනි 18, 2019

    අප්‍රේල් මස 21 ප්‍රහාරයෙන් පසු තහනම් කරනු ලැබූ සංවිධාන සම්බන්ධයෙන් ක්‍රියාත්මක විමර්ශන පිළිබඳ වාර්තා කඩිනමින් ලබා දෙන ලෙස නීතිපති විසින් වැඩබලන පොලිස්පතිවරයාට දන්වා තිබේ.

    ජාතික තව්හීද් ජමාත්, ජමාතේ මිලාතේ ඊබ්‍රාහිම් හා විලයාත් අස් සෙයිලානි යන සංවිධාන අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් තහනම් සංවිධාන ලෙස නම් කෙරිණ. එහි ක්‍රියාකාරකම් පිළිබඳව හා සාමාජිකයන් පිළිබඳව විමර්ශන ආරම්භ කරන ලෙස මීට පෙර උපදෙස් ලබා දී ඇති බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් පොලිස්පති වෙත යොමු කළ ලිපියේ දැක්වේ.

    අප්‍රේල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය, සයින්දුමරුදු පිපිරීම් සහ මාවනැල්ල බුදුපිළිමවලට හානි කිරීම් සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක බව නීතිපතිවරයා දැනුවත් වී ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය විසින් කරගෙන යන එම විමර්ශන පිළිබඳ වාර්තා නීතිපති වෙත ලබා දීමට කටයුතු කරන ලෙස එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ.

    Last modified on අඟහරුවාදා, 18 ජූනි 2019 19:10

    Latest News