ඩෙල්ෆ් සභාපති ඝාතනයට නීතිපති නඩුමගට

ජූනි 18, 2019

    ඩෙල්ෆ් ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ඩැනියෙල් රෙක්සියන් මහතාගේ ඝාතනයේ විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් සෘජුවම යාපනය මහාධිකරණයේ නඩු පවරා තිබේ.

    උතුරු පළාත් සභාවේ හිටපු විපක්ෂ නායක කන්දසාමි කමලේන්ද්‍රන් නොහොත් කමල් සහ මියගිය පුද්ගලයාගේ බිරිඳ වන රෙක්සියන් අනිතා යන අය එම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර ඇත.

    2013 වසරේ නොවැම්බර් මස 25 සහ 27 දක්වා කාලය තුළ යාපනය, පුන්කුඩුතිව් ප්‍රදේශයේදී රෙක්සියන් කමලේන්ද්‍රන් ඝාතනය කිරීම සඳහා කුමන්ත්‍රණය කිරීම, ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් යාපනය මහධිකරණයේ අධිචෝදනා ගොනු කර තිබේ.

    මහජන නොසන්සුන්තාවට ලක්වු මෙම සිද්ධිය පිළිබඳව අවධානය යොමු කිරීමෙන් පසු නිතිපතිට ඇති බලතල අනුව ලඝු නොවන නඩු විභාගයක් නොමැතිව විත්තිකරුවන්ට එරෙහිව සෘජුවම මහාධිකරණයේ නඩු පැවරීමට තීන්දු කර ඇත.

    Latest News