තේරිම් කාරක සභාව පොදුජන පෙරමුණෙත් වැඩක්: අනුර යාප අයිතිය කියයි

ජූනි 18, 2019

    පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ගෙන එමට පොදුජන පෙරමුනත් දායවු බව පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා පවසයි.

    පාස්කු ප්‍රහාරය පිලිඹඳ ඇත්ත හෙලිකර ගැනීම සහ වැරදුන තැන හඳුනා ගැනීම එහි අරමුණ වු බව ඔහු කියා සිටියේ පොදුජන පෙරමුණේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමිනි.

    පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා “ අපි ක්‍රමානු කූලව එලඹෙමින් සිටින්නේ මැතිවරණ කාලයකටයි. ඊලඟ ජනාධිපතිවරයා පත්කරගැනීම පිලිඹඳ කාරනාව ඔක්තෝම්බර් වලින් පටන් ගෙන දෙසැම්බර් වලින් අවසන් විය යුතුයි. ඒ නිසා මේ කාලය තුල ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයින් පිලිබඳ කතා බහ කෙරෙනවා. අපි සියල්ලටම සූදානම්. අපේ අපේක්ෂකයා කවුද කියලත් අපි වෙලාවට කියන්නම්.

    මේ තේරීම්කාරක සභාවක් පත්කරන්නට අපි හුඟදෙනෙක් අත්සන් කලා. ඇත්තටම තේරීම් කාරක සභාවක් ඕන වුනේ පාස්කු ප්‍රහාරය පිලිඹඳ ඇත්ත හෙලිකර ගැනීමට සහ කොතනද අපිට වැරදුනේ කියන දේ හඳුනාගැනීමටයි. එහෙම නැතුව කිසිම කෙනෙක්ව ඉලක්ක කරගන්නට පොදුජන පෙරමුනට අවශ්‍ය වුනේ නැහැ. සැබෑ සිද්දියක් පාර්ලිමේන්තුව විසින් ජනතාවට දැන ගැනීම සඳහා වාර්තාවක් සකස් කරන ක්‍රමවේදයක් පමනයි තේරීම් කාරක සභාවකින් කරන්න පුලුවන්.

    ජනමත විචාරණයක් කියන්නේ අදහසක් විතරයි. ඒ නිසා වියදම් කරගන්නේ නැතිව කෙළින්ම මැතිවරණයක් තිබ්බා නම් හරි. ජනාධිපතිවරණය ව්‍යවස්ථාව අනුව පැවැත්විය යුතුයි. මහ මැතිවරණයක් තියනවා නම් අපි යෝජනාව සම්මත කර ගන්න අත් ඔසවනවා“ යැයි ඔහු පැවසියීය.

    Latest News