ගාමිණී සෙනරත්ට එරෙහි ලිට්‍රො ගෑස් නඩුවේ නීතිපති දේශන අවසන්

ජූනි 18, 2019

    ගාමිණී සෙනරත් ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව, ලිට්‍රෝ ගෑස් සමාගම සම්බන්ධ නඩුවේ, නීතිපතිවරයාගේ දේශන අද(18) කොළඹ විශේෂ මහාධිකරණය හමුවේ අවසන් විය.

    සම්පත් අබේකෝන්, සම්පත් විජයරත්න සහ චම්පා ජානකී රාජරත්න යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව අද කැඳවනු ලැබිණි. එහිදී රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් තුසිත් මුදලිගේ මහතා විසින් අද හය වන දිනටත් සිය දේශන ඉදිරිපත් කළේය. රජයේ පාර්ශවයේ දේශන ඉදිරිපත් කිරීම අද අවසන් කෙරුණු අතර විත්ති පාර්ශවයේ අවසන් දේශන ඉදිරිපත් කිරීම අනිද්දා (20) සිට ආරම්භ කිරීමට නියමිතව ඇත.

    2014 වසරේ පෙබරවාරි මස 01 වනදා 2015 වසරේ ජනවාරි මස 19 දක්වා කාලසීමාව තුළ ලිට්රෝ ගෑස් සමාගමට රුපියල් මිලියන 500ක මුදලක් කැන්විල් හෝල්ඩිං සමාගම හරහා හෙලන්කෝ හොටෙල් ඇන්ඩ් ස්පා සමාගමේ ආයෝජනය කිරීම තුළින් රජයේ
    මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා කරමින් ගාමිණී සෙනරත් මහතා ඇතුළු විත්තිකරුවන් සිවු දෙනකුට එරෙහිව මුලින්ම නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබේ.

    එහෙත් මෙම නඩුවේ විභාගය අවසන් වීමෙන් පසුව නිල් බණ්ඩාර හපුහින්න නමැති විත්තිකරු විත්තියේ සාක්කි කැඳවීමකින් තොරව නිදහස් කිරීමට ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය ඉකුත් දා නියෝග කළේය. ඉන් අනතුරුව ගාමිණී සෙනරත්, පියදාස කුඩාබාලගේ සහ ලසන්ත බණ්ඩාර යන විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩු විභාගය පැවැත්වේ.

    Latest News