තවුහිද් ජාමාත් සහරාන් හා සබඳතා පැවැත්වූ තවත් 4ක් අත්අඩංගුවට

ජූනි 17, 2019

    ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා ප්‍රහාර මෙහෙයවූ සහරාන්ගේ කල්ලිය හා සබඳතා පැවැත්වූ ඉන්දීය ජාතිකයන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගත් බව, එරට ජාතික විමර්ශන ඒජන්සිය ප්‍රකාශ කරයි.

    අයි.එස්. ආධාරකරුවන් හා රැඩිකල් ඉස්ලාමීය කණ්ඩායම් ඉලක්ක කර ගනිමින් ඉන්දියාව, මෙහෙයුම් පුළුල් කර තිබේ. සහරාන් සමඟ සමීප සබඳතා පැවැත්වූ මොහොමඩ් අසාරුඩීන් නමැත්තා තමිල්නාඩුවේදී පසුගියදා අත්අඩංගුවට ගැණින. ඉන් පසුව ලද තොරතුරු අනුව කළ මෙහෙයුම්වලදී 6 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව, ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය සඳහන් කරයි. තවත් සිව් දෙනෙකු ඊයේ රැඳවුම් බාරයට පත් කර තිබේ. ඉන් ඇතැම් සැකකරුවන් අයි.එස්. කල්ලියට සාමාජිකයන් බඳවා ගැනීමේ නිරතව සිට ඇති බව වාර්තා වේ.

    Last modified on සදුදා, 17 ජූනි 2019 19:39

    Latest News