ගුටි ඇනගත් මිහින්තලේ පොහොට්ටුවේ මන්ත්‍රී අත්අඩංගුවට

ජූනි 17, 2019

    මිහින්තලය ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රී නිපුණ මධුසංක අද අළුයම අත්අඩංගුවට ගෙන තිබේ.

    ඒ පුද්ගලයින් කිහිපදෙනෙකුට පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකට අදාළව හා පොලීසියට බලපෑම් කිරීමේ චෝදනා මතයි. අදාළ මන්ත්‍රීවරයා හා තවත් කිහිපදෙනෙකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග යාම හේතුවෙන් ඊයේ රාත්‍රී මෙම පහරදීම සිදුකර තිබේ.

    අනතුරුව පහරකෑමට ලක්වූ පිරිස පොලීසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ හය දෙනෙකු මිහින්තලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලට ප්‍රතිකාර සඳහා ඇතුළත් කර ඇත.

    Last modified on සදුදා, 17 ජූනි 2019 12:17

    Latest News