රූමස්සල අනාරක්‍ෂිත ගල්තලාවක ඡායාරූප ගත් 2ක් මුහුදට බිලි

ජූනි 16, 2019

    උණවටුන, රූමස්සල කන්දේ අනාරක්‍ෂිත ගල්තලාවක් මත ඡායාරූප ගැනීමට උත්සාහ කළ සිව් දෙනෙකු රළ පහරට හසුවී මුහුදට වැටීමෙන් දෙදෙනෙකු මිය ගොස් ඇත.

    සෙසු දෙදෙනා දිවි බේරාගෙන තිබේ. අනතුර සිදුව ඇත්තේ අද (16) දහවල් 12.00ට පමණ. මෙසේ මියගොස් ඇත්තේ, දෙහිවල ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි තරුණියක හා 35 හැවිරිදි පුද්ගලයෙක්. යුද හමුදාවේ සේවය කරන ඔහු අතුරුදන්ව ඇති බවයි වාර්තා වන්නේ.

    Last modified on ඉරිදා, 16 ජූනි 2019 20:22

    Latest News