අගමැතිතුමා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදා ගනී

ජූනි 16, 2019

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පස්වරුවේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ පුදා ගත්තේය.

    මිහින්තලා පුදබිමේ ආලෝක පූජාව විවෘත කෙරුණේ ද අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙනි. අනුරාධපුරයට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රථමයෙන් අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරිනිවාස හිමියන් බැහැදැක ආශීර්වාද ලබා ගත්තේය. උන්වහන්සේ සමඟ සුහද කතාබහක ද නිරත වුණු අග්‍රාමාත්‍යවරයා ඉන් පසු ආගමික වතාවත්වල නිරතවිය. ඉන් අනතුරුවයි අග්‍රාමාත්‍යවරයා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශිර්වාද ලබාගත්තේ. 

    මිහින්තලා පුදබිම වෙත ගිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආලෝක පූජාව විවෘත කෙරිණ.

    Mehinthala px 900 16 06 19

    Last modified on ඉරිදා, 16 ජූනි 2019 20:20

    Latest News