මාලදිවයින් දූත පිරිස අගමැති බැහැදකී

ජූනි 16, 2019

    මෙරට සංචාරයක නිරත මාලදිවයින් උප ජනාධිපති ෆයිසර් නසීම් සහ කථානායක මොහොමඩ් නෂීඩ් ඇතුළු එරට අමාත්‍යවරු පිරිස වෙනුවෙන් විශේෂ භෝජන සංග්‍රහයක් අරලියගහ මන්දිරයේ දී ඊයේ රාත්‍රී පැවැත්විණ. ඒ, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්.

    මාලදිවයින් දූත පිරිස මෙහිදී කියා සිටියේ, ශ්‍රී ලංකාව සංචාරකයන්ට හිතකර, සාමකාමී හා ආරක්‍ෂිත රටක් බවට අන්තර්ජාතික ප්‍රජාවට පෙන්වාදීම සංචාරයේ අරමුණ වූ බවයි. දෙරට අතර මිත්‍රත්තවය තහවුරු කරමින් සංචාරයට එක්වීම පිළිබඳව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මාලදිවයින් නියෝජිත පිරිසට සිය කෘතඥතාව පළ කළේය. මේ අවස්ථාවට මැති-ඇමතිවරුන් රැසක් එක්වූහ.

    Latest News