නවීන ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට

ජූනි 16, 2019

    මීගමුව මහ රෝහලේ ඉදිකෙරුණු නවීන ළමා වාට්ටු සංකීර්ණය ජනතා අයිතියට පත් කෙරේ.

    ඒ අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන්. වැය කෙරුණු මුදල රුපියල් විසි කෝටියකට අධිකවේ. තෙමහල් වාට්ටු සංකීර්ණය අති නවීන වෛද්‍ය උපකරණ, ශෛල්‍යාගාර ඇතුළු නවීන පහසුකම් රැසකින් සමන්විතයි. මෙහි ළමුන් 100කට එකවර නේවාසික ප්‍රතිකාර ලබාගැනීමට හැකිවීම විශේෂත්වයක්. වාට්ටු සංකීර්ණය ඉදිකිරීමට සහ නඩත්තු කිරීමට පෞද්ගලික අංශයේ දායකත්වය ලැබී තිබේ. වාට්ටු සංකීර්ණය නිල වශයෙන් බාරදීම සනිටුහන් කරමින් අමාත්‍යවරයා වෙත විශේෂ සමරු තිලිණයක් ද පිරිනැමිණ.

    Rajitha px 900 16 06 19

     

    විවෘත කිරීමේ අවස්ථාවට එක්වූ අමාත්‍යවරයා....

    “ලංකාවේ මම එනකොට මිනිස්සු කොච්චර අන්ධ වෙනවද? මාසයකට ලක්‍ෂයක් අන්ධයි. අවුරුද්දකට ලක්‍ෂ 12ක් අන්ධ වෙනවා. මේ රට මෙහෙමයි තියෙන්නේ මතක තියාගන්න. ලක්‍ෂ 12ක් අන්ධ වෙනවා. මොකද කාච දාන්න සල්ලි නැහැ. රටේ මේ මිනිස්සු වෙනුවෙන් තමයි අපි කතාකරන්න ඕනේ, වැඩකරන්න ඕනේ. ලක්‍ෂ 12ක් අන්ධ වෙනවා සල්ලි නැති කමින්. මොන අසාධාරණයක් ද? රෝගයකට මැරුණට කමක් නැහැ. සල්ලි නැතිව මැරුණහම මොකක්ද නිදහස් සෞඛ්‍ය කියන්නේ. අද අපි අක්‍ෂි කාච දානවා. එදා අක්‍ෂි කාච දැම්මේ කීයද මම එනකම්. අටදාහයි දැම්මේ මුළු අක්‍ෂි රෝහලේ. ලංකාවේම දහ දාහක් දාන්න ඇති. ගිය මාර්තු මාසේ 20 වැනිදා මට ආරාධනා කළා විශේෂඥ වෛද්‍යවරු ජාතික රෝහලේ. ලක්‍ෂයක් අක්‍ෂි කාච දැමීමේ උත්සවයට. මට කල් ගියා දෙන්න. ඒ වෙනකොට එක්ලක්‍ෂ විසිදාහක් දාලා. දහදාහක් දාපු රටේ එක්ලක්‍ෂ විසි දාහක් අක්‍ෂි කාච දානවා“ යැයි අමාත්‍යවරයා පැවසීය.

    Latest News