රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සිහිනය 2025 ඉෂ්ඨ කරනවා; අමාත්‍ය සජිත් (වීඩියෝ)

ජූනි 15, 2019

    “සැමට සෙවණ යළි පිබිදෙන“ උදාගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට, කෑලියපුර ප්‍රදේශයේ ඉදිවන 2449 හා 2500 යන උදාගම්මානවල ඉදිකිරීම් අද ආරම්භ කෙරිණ.

    ඒවා නම්කර ඇත්තේ, සිරිසුමංගල නාහිමිගම හා සිරිසඟබෝගම ලෙසයි. ග්‍රාම ශක්ති උදාගම්මාන වැඩපිළිවෙළ යටතේ එම ගම්මාන ඉදි කෙරෙන අතර, සියලු පහසුකම් සහිත නිවාස 55ක් ඊට අයත්. බුදු පුත් මාපිය ආධාර වැඩසටහන යටතේ ප්‍රතිලාභී පවුල් 8කට රුපියල් ලක්‍ෂ 15ක් වටිනා නිවාස ආධාර ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

    “රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ සිහිනය සැමට සෙවණ ලබාදීම ගම්මාන විසිදාහක් සම්පුර්ණ කරලා 2025 වෙනකොට ඒ යුතුකම සජිත් ප්‍රේමදාස ඉෂ්ඨ කරනවා කියන එක මේ අවස්ථාවේදී ප්‍රකාශ කරනවා. මේ උත්සව භුමියේ අපි මහා සුළඟකට මුහුණ දෙනවා. මම කියනවා මේ සුළඟ ජනතාව ජිවත් කරවන වෙනසක් බිහි කිරීමේ මහා සුළඟක් කියන එක මේ මහා සුළඟ හරහා මේ නිර්මාණය වන මේ ඓතිහාසික ජනතා ශක්තිය තුළින් 24 පැයම නොනිඳා මේ රටේ අස්සක්-මුල්ලක් නෑර හැම පවුලක්ම රැක ගැනීමේ ඒ මහා ජනතා විප්ලවයේ ආරම්භය යැයි කියන එක මම මේ අවස්ථාවේ තමුන්නාන්සේලාට ප්‍රකාශ කරනවා“ යැයි සජිත් ප්‍රේමදාස මහතා පැවසිය.

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 20:08

    Latest News