ප්ලාස්ටික් හා පොලිතින්වලින් තොරව පොසොන් උත්සවය සමරන්න

ජූනි 15, 2019

    ප්ලාස්ටික් හා පොලිතින් භාවිතයෙන් තොරව මෙවර පොසොන් උත්සවය සමරන ලෙස, සමුද්‍රිය පරිසර ආරක්‍ෂණ අධිකාරිය ජනතාවට දැනුම් දෙයි.

    පොලිතින් සහ ප්ලාස්ටික් අසීමාන්තිකව භාවිත කිරීම සහ නිසි පරිදි බැහැර නොකිරීම, ශ්‍රී ලංකාව මුහුණ දෙන උග්‍ර පාරිසරික ගැටලුවක්. මෙරට දර්ශනීය වෙරළ තීරය සහ සාගර පරිසරය ද දැඩි ලෙස විනාශ වීමට මෙය ප්‍රබල සාධකයක් වේ. එම නිසා මෙවර පොසොන් සමයේ දී මේ පිළිබඳ අවධානය යොමු කිරීම වැදගත්වේ. මෙරට ජීවත්වන සෑම පුද්ගලයෙකුම දිනකට කිලෝ 5ක් තරම් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරී. අධිකව ප්ලාස්ටික් අපද්‍රව්‍ය සාගරයට මුදාහරින රටවල් 20 අතරින් ශ්‍රී ලංකාව පසුවන්නේ පස්වැනි ස්ථානයේ. මෙම ව්‍යසනයෙන් දිවයින හා අවට පරිසරය ආරක්‍ෂා කරගැනීම සමස්ත ජනතාවගේම වගකීමක්.

    වසර 2025 වනවිට මුහුදට ප්ලාස්ටික් හා කසල දැමීම ලංකාව මුහුණ දෙන අවදානම් සහගත තත්වයක්. එම නිසා පොසොන් සමය තුළ සියලු පූජා භූමි තුළ පොලිතින් වෙනුවට පරිසර හිතකාමී ආදේශන භාවිත කිරීම අපේ යුතුකමක් මෙන්ම වගකීමක්.

    Latest News