ජනකොටස් නිදහසේ ජීවත්වනු දැකීම සැමගේ ප්‍රාර්ථනාවයි; අතිඋතුම් මැල්කම් හිමිපාණෝ (වීඩියෝ)

ජූනි 15, 2019

    ජනකොටස් තම අනන්‍යතාව තුළ නිදහසේ ජීවත්වනු දැකීම සැම දෙනාගේ ප්‍රාර්ථනාව බව, අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පවසයි.

    අගරදගුරුතුමා මේ බව සඳහන් කළේ, අද (15) මඩකලපුව සියෝන් දේවස්ථානයට පැමිණි අවස්ථාවේදී. පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයෙන් මඩකලපුව සියෝන් දේවස්ථානයට ද හානි සිදුවිය. එහි ප්‍රතිසංස්කරණ අගරදගුරු හිමිපාණන් නිරීක්‍ෂණය කළේය. බෝම්බ ප්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ පවුල්වල පිරිස් වෙත ශෝකය පළ කළ උන්වහන්සේ පැමිණ සිටි පිරිසට ආශිර්වාද කරමින් නිරෝගී සුවය ප්‍රාර්ථනා කළේය. මේ අවස්ථාවට මඩකලපුව රදගුරු පොන්නයියා ජෝසප් හිමිපාණන් ද එක්ව සිටියහ.

    “ජන කොටස් තමන්ගේ අනන්‍යතාව තුළ නිදහසින් ජිවත්වනු දැකීම අපි සැමගේ ප්‍රාර්ථනාවයි. ඒ සඳහා ශ්‍රී ලංකා පොළොව තුළ කවදාවත් මේ වගේ ලේ හැලීමක් සිදු නොවී සාමකාමී වාතාවරණයක් ගොඩනඟා ගන්න හැමෝටම ඉඩ-කඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා“ යැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රාර්ථනා කර සිටියහ.

    Last modified on සෙනසුරාදා, 15 ජූනි 2019 20:03

    Latest News