හෙරොයින් කිලෝ 2ක් සමඟ සැකකරුවන් 2ක් අත්අඩංගුවට

ජූනි 15, 2019

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් සීදූව රබර්වත්ත හන්දිය ප්‍ර දේශයේ සිදු කළ මෙහෙයුමකින් හෙරොයින් කිලෝ 2ක් හා ගිනි අවියක් සමඟ සැකකරුවන් 2ක් සීදුවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට ලද තොරතුරක් අනුව කාර් රථයක් පරීක්‍ෂා කිරීමේදී හෙරොයින් ග්‍රෑම් 521ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු අනුව රද්දෝළුගම, සීදූව ප්‍රදේශයේ නිවසක් පරීක්‍ෂා කර තවත් හෙරොයින් කිලෝ එකහමාරකට ආසන්න ප්‍රමාණයක් සැකකරුවෙකු සමඟ අත්අඩංගුවට ගත් බව, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. ගංජා කිලෝ ග්‍රෑම් 12ක්, එක්ස්ටසි පෙති 500ක්, පිස්තෝලයක්, උණ්ඩ 7ක්, පතරොම් ගැබ් 01ක් සහ රුපියල් එක්ලක්‍ෂ අට දහසකට වැඩි මුදලක් ද සොයා ගෙන ඇත.

    Latest News