කීඩෑ උවදුරින් ගොඩඑන්න කෘෂි ඇමතිගෙන් වන්දි

නොවැ 12, 2018

    පසුගිය යල කන්නයේ කීඩෑ උවදුරින් හානියට පත් කුඹුරු සඳහා වහාම වගා හානි ලබා දෙන ලෙස, අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබේ.

    එම උවදුරින් වැඩිම බලපෑම සිදුවූයේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වී වගාවටයි. එම දිස්ත්‍රික්කයේ කීඩෑ උවදුරින් හානියට පත් කුඹුරු ප්‍රමාණ අක්කර 42,830ක්. ඉන් අක්කර 38,570කට හානි සිදුවූයේ, අර්ධ වශයෙන්.

    කීඩෑ උවදුර නිසා සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති කුඹුරු ප්‍රමාණය අක්කර 4,269ක්. අම්පාර දිස්ත්‍රික්කයේ ද කුඹුරු අක්කර විශාල ප්‍රමාණයකට කීඩෑ උවදුරින් බලපෑම් එල්ල විය.

    එම සියලු කුඹුරුවලට වගා හානි වන්දි ගෙවීමට පියවර ගන්නා ලෙසයි, අමාත්‍යවරයා උපදෙස් දී ඇත්තේ. මේ අතර, ඉකුත් දිනවල පැවති අධික වර්ෂාව හේතුවෙන් වගා රැසකට හානි සිදුවිය.

    ඒ පිළිබඳ තොරතුරු රැස්කිරීම හා හානි තක්සේරු කිරීම මේ වන විටත් ආරම්භ කර ඇති බව, කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

    Latest News