ධීවර හා නාවික කටයුතු අවදානම්

නොවැ 12, 2018

    බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ ධීවර හා නාවික කටයුතුවල යෙදීමෙන් වළකින ලෙස ඉල්ලීමක් කෙරේ.

    ඒ මධ්‍යම බෙංගාල බොක්ක ප්‍රදේශයේ පවතින සුළි කුණාටුව හේතුවෙන්. ගජ ලෙසින් හඳුන්වා ඇති සුළි කුණාටුව මේ වන විට කන්කසන්තුරේ සිට ඊසාන දෙසින් ස්ථානගතව පවතී. ඉදිරි පැය 24 තුළ එය චණ්ඩ සුළිකුණාටුවක් දක්වා වර්ධනය වන බවයි, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ. ඉදිරිය පැය 12 තුළ බස්නාහිර දෙසට ගමන් කරන එය, පසුව බටහිරට බරව නිරිත දෙසට ගමන් කරනු ඇති.

    මේ හේතුවෙන් පොතුවිල් සිට ත්‍රිකුණාමලය හරහා කන්කසන්තුරය දක්වා වෙරළට ඔබ්බෙන් මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. නිරිත සහ නැගෙනහිර දෙසින් මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමිටර 70 - 80 දක්වා ක්ෂණිකව ඉහළ යාමට ඉඩ ඇති හෙයින් එම මුහුදු ප්‍රදේශ රළු වීමේ හැකියාව පවතී.

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 09:08

    Latest News