අධිරාජ්‍යවාදී සමයට එහා ගිය මංකොල්ලකෑම් - ඇමති චමල් (වීඩියෝ)

නොවැ 12, 2018
  • අධිරාජ්‍යවාදී සමයට වඩා මංකොල්ලකෑම් ගතවූ වසර තුනේ දී සිදුවූ බව, අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා පවසයි.

    මාතර පැවති කොමියුන්ස්ට් පක්ෂ සංවත්සරයේ දී ඔහු මේ බව පැවසීය. කොමියුනිස්ට් පක්ෂයේ 75 වැනි සංවත්සරය පැවැත්වුණේ මාතර උයන්වත්ත ක්‍රීඩාංගණයේ දී. පාක්ෂිකයින් මාතර නගරයේ සිට පා ගමනින් ක්‍රීඩාංගණය වෙත පැමිණියේය. ශ්‍රී ලංකා කොමියුනිට් පක්ෂයේ නායක ඩිව් ගුණසේකර මහතා ඇතුළු පක්ෂ සාමාජිකයින් හා ආරාධිතයින් රැසක් ඊට එක්ව සිටියේය.

    විදේශ තානාපතිවරුන් කිහිප දෙනෙකු ද රැළියට එක්විය. ජනතා කැමැත්තට ඉඩදීම ජනාධිපතිතුමා ගත් ප්‍රජාතන්ත්‍රවාදී තීරණයක් බවයි, චමල් රාජපක්ෂ මහතා කියා සිටියේ.

    Last modified on සදුදා, 12 නොවැම්බර් 2018 09:40

    Latest News