කොළඹ අවට අද අඩු පීඩනයෙන් වතුර

ජූනි 08, 2019

    හෝකන්දර ප්‍රදේශයට හා කොළඹ තවත් ප්‍රදේශ කිහිපයකට අඩු පීඩනයකින් ජලය සපයන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

    අද පෙරවරු 9.00 සිට පැය 24ක කාලයක් මෙය ක්‍රියාත්මකයි. ඒ අනූව, අදාළ කාල සීමාව තුළ කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ සහ කඩුවෙල මහනගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශ කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශ, රත්මලාන හා සොයිසාපුර මහල් නිවාස යන ප්‍රදේශවලට අඩු පීඩනයක් යටතේ ජලය සැපයෙනු ඇති.

    ශ්‍රී ලංකා ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාව සිදුකරනු ලබන කොළඹ නගර සංවර්ධන කිරීමේ ව්‍යාපෘතිය හේතුවෙන් මෙම පියවර ගන්නා බවයි එම මණ්ඩලය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 08 ජූනි 2019 07:55

    Latest News