GMOA - දේශපාලඥයින් සාෆිගේ සිද්ධිය දේශපාලනීකරණය කළ

ජූනි 07, 2019

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය කොළඹ දී අද මාධ්‍ය හමුවක් කැඳවා තිබිණ.

    එහිදී වෛද්‍ය මොහොමඩ් සාෆි පිළිබඳව ද අදහස් පළ කෙරිණ. එහිදී අදහස් දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ උප ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා...

    “මෙහිදී දේශපාලඥයින් මේ සිද්ධිය දේශපාලනීකරණය කිරීමෙන් සමස්ත වෛද්‍යවරුනුත්, විශේෂයෙන් මුස්ලිම් වෛද්‍යවරුන් අපහසුතාවට පත්වෙලා තියෙනවා. ඒ නිසා සංගමයක් හැටියට රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පැහැදිලි කරලා තියෙනවා, සාමාජිකත්වය දැනුවත් කරලා තියෙනවා, සංගමයේ නම පාවිච්චි කරලා මොනම ආකාරයකින්වත් ජාතීන් අතර, වෛරය සහ බිඳවැටීම් ඇති කරන ප්‍රකාශ යම් ප්‍රකාශයක් කරපු කෙනෙක් මොනම ආගමක හෝ ජාතියකට හිංසාවක් හෝ ඒවගේ ප්‍රකාශ හෝ සමාජ ජාලා තුළ සිද්ධ කරලා තිබුණොත් සංගමයේ සාමාජිකයෙක් ඒ සම්බන්ධව මධ්‍යම කාරක සභාවක් හරහා ඔවුන් සම්බන්ධයෙන් සාකච්ජා කරලා තීන්දු තීරණ ගන්නවා“ යැයි වෛද්‍ය නවින්ද සොයිසා මහතා සඳහන් කළේය.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 20:15

    Latest News