පොසොන් උත්සවය, අති උත්කර්ෂවත්ව පවත්වනවා; අගමැති

ජූනි 07, 2019

    මෙවර පොසොන් උත්සවය, වෙනදාටත් වඩා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අදාළ අංශ වෙත උපදෙස් දී තිබේ.

    අරලියගහ මන්දිරයේ අද පැවති සාකච්ජාවකදී අග්‍රාමාත්‍යවරයා මේ පිළිබඳව අදාළ නිලධාරින් දැන්වත් කළේය. “විශාල වැඩකොටසක් තියෙනවා ඒකෙන් ගොඩ එන්න. ත්‍රස්තවාදය දැන් නැති කරා කියලා. සාමාන්‍යයෙන් පොසොන් උත්සවය පොසොන් පොහොය වෙනුවෙන් පවත්වන්නේ සමහර ප්‍රදේශවල පමණයි. ඒත් මේ අවස්ථාවේදී හැම ප්‍රදේශයකම පවත්වන්න අපි තීරණය කළා බෞද්ධ ප්‍රදේශවල. විශේෂයෙන්ම වෙසක් උත්සවයේ දී සමහර අයට සැකයක් තිබුණා. සමහර අයට බයක් තිබුණා. අද ඒ සැකයයි, බයයි දෙකම නැහැ. ඒ නිසා මේක හොඳ අවස්ථාවක් අපේ පොසොන් උත්සවය ඒ වාගේම පවත්වන්න. හැම දිස්ත්‍රික්කයකම මේ කටයුතු කරන්න විශේෂයෙන්ම පන්සල්වලට ආධාර දෙන්න අපි මුදල් වෙන් කරලා තියෙනවා.

    හැම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට පිංකම් පවත්වන්න අපි ප්‍රතිපාදන වෙන් කරලා තියෙනවා. මිහින්තලය පොසොන් කලාපය වෙනුවෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ සමඟම සැරසිලි, දාන, ශීල, භාවනා වැඩසටහන් අපි රට පුරා ක්‍රියාත්මක කරනවා. හැම කොට්ඨාසයකම ජාතික පාසලකම ශීල ව්‍යාපාරයක් ගෙනියනවා. මෙහෙම වැඩකටයුතු ගණනාවක් සංවිධාන කරලා තියෙනවා. පෙන්වන්න ඕනේ අපි මේ කටයුත්ත කරන්න බය නැහැ කියලා. අපිට ඒ ආත්ම ශක්තිය තියෙනවා. විශේෂයෙන් මේ අවස්ථාවේදී පොසොන් පොහොය කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ බෙදුම්වාදීකම් ඇතිකරන්න. අපිව බෙදන්න. සියලු දෙනාම එකතු කරන විධියට අපි වැඩ කටයුතු කරන්න ඕනේ“. යැයි අග්‍රාමාත්‍යතුමා පැවසීය.

    Last modified on සිකුරාදා, 07 ජූනි 2019 20:14

    Latest News