පී - 626 නෞකාව ගජබාහු නමින් අධිකාරියට

ජූනි 07, 2019

    අමෙරිකාවෙන් ශ්‍රී ලංකා නාවික හමුදාවට ලබා දුන් පී - 626 නෞකාව, ශ්‍රි ලංකා නාවික නෞකා ගජබාහු නමින් අධිකාරීයට පත් කිරීම ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ වරාය පරිශ්‍රයේදී සිදු කෙරුණි.

    එම නෞකාව ශ්‍රි ලංකා නාවික හමුදවේ විශාලතම නෞකාව බවට ද පත් වේ.

    අමෙරිකානු වෙරළාරක්ෂක බලකායට අයත්ව පැවති, මෙම නෞකාව පසුගිය වසරේ අගෝස්තු 27 වැනි දින හවායි දුපතේ හොනොලුලු හි දී ශ්‍රී ලංකා නාවික හමුදාවට නිල වශයෙන් භාර දෙන ලදී.

    මෙම නෞකාව දිගින් මීටර් 115 ක් වන අතර, පළලින් මීටර් 13 කින් යුක්ත වේ.

    පැයට මුහුදු සැතපුම් 28 ක වේගයකින් යාත්‍රා කළ හැකි එය ටොන් 3302 ක ධාරිතාවයකින් සමන්විත වේ.

    මෙහි නිලධාරීන් 22 දෙනෙකු ඇතුළු 111 දෙනෙකුගෙන් යුත් කාර්යය මණ්ඩලයක් රාජකාරී කරනු ලබයි.

    මෙම නෞකාව නවීනතම අවි ආයුධ, සන්නිවේදන උපකරණ සහ වෙනත් මෙහෙයුම් පද්ධති වලින් සමන්විත නෞකාවක් වන අතර, එය ශ්‍රී ලංකා නාවික හමුදා නෞකා කණ්ඩායමට එක් වූ පසු ශ්‍රී ලංකා නාවික හමුදාවේ භාවිතා වන විශාලතම නෞකාව බවට පත්වේ.

    ශ්‍රී ලංකාවට අයත් ගැඹුරු මුහුදු කලාපය තුළ සෙවීමේ සහ මුදවා ගැනීමේ මෙහෙයුම්, සාගර සම්පත් ආරක්ෂා කිරීම සහ නාවික කටයුතුවල නිරත වන නෞකා සහ යාත්‍රා වෙත සහන සැපයිම සඳහා මෙම නෞකාව යොදා ගැනීමට අපේක්‍ෂා කර ඇත.

    Latest News