පුපුරණ ද්‍රව්‍ය තොගයක් මුලතිව් ළිඳකින් හමුවේ

ජූනි 07, 2019

    මුලතිව්,‍ පුදුකුඩිඉරිප්පු, දේවිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබී අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගයක් ගොඩගත් බව පුදුකුඩිඉරිප්පු පොලිසිය පවසයි.

    ඊයේ (06) සවස මෙම අත්බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය තොගය ගොඩගත් බව වාර්තා වේ.

    පොලිසිය සඳහන් කරන්නේ අත්බෝම්බ දෙකක්, ආර්.පි.ජි.උණ්ඩයක්, පතුරම් තොගයක් හා යකඩ කැබලි තොගයක් එලෙස සොයාගත් බවයි.

    අදාළ ගෙවතු හිමියන් ළිඳ පිරිසිදු කරන අවස්ථාවක අදාළ උපකරණ දැක අනතුරුව පොලීසිය දැනුවත් කිරීමෙන් අනතුරුව බෝම්බ නිශ්ක්‍රීය අංශය පැමිණ අදාළ පුපුරණ ද්‍රව්‍ය ගොඩගත් බවද පොලීසිය පැවසීය.

    පොලිසිය පැවසූවේ යුද සමයේ එල්.ටී.ටී.ඊ සංවිධානය පළායන අවස්ථාවේ අදාළ පුපුරණ ද්‍රව්‍ය ළිඳට දමා යන්නට ඇති බව සැක පළ කරන බවයි.

    එම ළිඳ තුළ තිබි යතුරුපැදි කොටස් කිහිපයක්ද ගොඩගෙන ඇති බව පොලීසිය සඳහන් කළේය.

    මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අදාළ පුපුරණ ද්‍රව්‍ය විනාශ කිරීමට නියමිත බව ද පොලීසිය පැවසීය.

    Latest News