සෞඛ්‍ය පහසුකම් සඳහා ඩ්‍රෝන තාක්ෂණය

ජූනි 07, 2019

    රුධිරය, එන්නත් ආදී හදිසියේ අවශ්‍ය වන සෞඛ්‍ය පහසුකම් ලබාදීමේදී ඩ්‍රෝන තාක්ෂණය භාවිත කළ හැකි බව වෛද්‍ය විශේෂඥයෝ පවසති.

    කොළඹ ජාතික රෝහලේ හෘද රෝග විශේෂඥ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා පෙන්වා දෙන්නේ කොළඹින් බැහැර ප්‍රදේශ වෙත රුධිරය, එන්නත් ආදී හදිසි සෞඛ්‍ය අවශ්‍යතා සැපයීමේදී ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුව ඇති බවයි.

    පසුගිය පාස්කු බෝම්බ ප්‍රහාරය අවස්ථාවේ දිවයිනේ රෝහල් කිහිපයකටම හදිසියේ රුධිරය සහ එන්නත් ආදිය අවශ්‍ය වූ බවත්, එවැනි අවස්ථාවකදී ඉක්මනින් රුධිරය, ඖෂධ සහ එන්නත් ආදිය සැපයීමට ඩ්‍රෝන තාක්ෂණය යොදා ගත හැකි බව හෙතෙම පෙන්වා දුන්නේය.

    මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය ගෝඨාභය රණසිංහ මහතා කියා සිටියේ බොහෝ දුෂ්කර පළාත් වල හදිසි රෝගීන්ට අවශ්‍ය වන රුධිරය සහ එන්නත් ආදිය දිවයිනේ ප්‍රධාන රෝහල් වෙතින් සැපයීමේදී විශාල කාලයක් ගතවන බවයි.

    Latest News