රජයේ මුස්ලිම් මැති ඇමතිවරුන් ඉල්ලා අස්වීමට තිරණයක්: රජය සමඟ තවදුරටත්

ජූනි 03, 2019

    රජය නියෝජනය කළ සියළුම මුස්ලිම් මැති-ඇමතිවරුන් සිය ධූරවලින් ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

    මේ බව අද පස්වරුවේ අරලියගහ මන්දිරයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකින් පසු අමාත්‍ය කබීර් හෂීම් මහතා පැවසීය. ඒ අනුව අමාත්‍ය රිෂාඩ් බදුයදීන්, රවුෆ් හකීම්, කබීර් හෂීම්, ඒ.එච්.එම්.හලීම්, ඉල්ලා අස්වූ ඇමතිවරුන් සිව් දෙනාට ඇතුලත්. නියෝජ්‍ය අමාත්‍ය අලි සහිර් මවුලානා සහ ඒ.එච්.එම් පවුසි ඇතුලු රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමතිවරුන් 05 ක්  සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

    දැනට ක්‍රියාත්මක පරීක්‍ෂණවලට කිසිදු බාධාවක් ඇති නොවන අන්දමට සිය ධූරවලින් ඉල්ලා අස්වූ බව අමාත්‍ය කබීර් හෂීම් මහතා කියා සිටියේය. තම කණ්ඩායම වෙත එල්ල වී ඇති චෝදනා ඕනෑම අන්දමකින් පරීක්‍ෂණ සිදු කරන ලෙස ද, ඔහු ඉල්ලා සිටියේය. සිය ධූරවලින් ඉල්ලා අස්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ පසු පෙළ මන්ත්‍රීවරුන් ලෙස සිටිමින් රජය තවදුරටත් ශක්තිමත් කිරීමට කැපවන බවද පෙන්වා දුනි.

    අමාත්‍ය රිෂාඩ් බදුයදීන්ට සහ ආණ්ඩුකාරවරුන් වන අසාද් සාලි මහතාට සහ එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාට ධූරවලින් ඉවත්වන ලෙස ඉල්ලමින් පුජ්‍ය අතුරලියේ රතන හිමියන්, පසුගිය සිකුරාදා උපවාසයක් ආරම්භ කළේය. ඒ අනුව ආණ්ඩුකාරවරුන් වන හිස්බුල්ලා මහතා සහ අසාද් සාලි අද ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති වෙත ඉදිරිපත් කිරීමෙන් පසු සිය ධූරවලින් ඉල්ලා අස්වූහ. ඉන් අනතුරුව රජය නියෝජනය කරන මුස්ලිම් මැති-ඇමතිවරු ද සිය ධූරවලින් ඉල්ලා අස්වීමට ගත් තීරණය අද (03) පස්වරුවේ නිවේදනය කරනු ලැබිණ.

    Last modified on සදුදා, 03 ජූනි 2019 19:16

    Latest News