පාස්කු ප්‍රහාරයෙන් පසු 2289 අත්අඩංගුවට: 1655 කට ඇප

ජූනි 03, 2019

    පසුගිය පාස්කු ඉරු දින එල්ල වූ ප්‍රහාරවලින් පසු පුද්ගලයින් 2289 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කලේය.

    ආරක්ෂක තත්ත්වය පිළිබඳ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

    පාස්කු ප්‍රහාරයට අදාළව සහ ඉන් පසුව දිවයින පුරා සිදුකළ සොදිසි මෙහෙයුම්වලින් සහ වයඹ ඇතුළු ප්‍රදේශ කිහිපයක සිදුවු ප්‍රචන්ඩ ක්‍රියා සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සමස්ත සැකකරුවන් ගණන 2289ක් වේ.

    මේ අතරන් පුද්ගලයින් 423 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති අතර, තවත් පුද්ගලයින් 211 දෙනෙකු අදාළ පොලිස් ස්ථානවල රඳවාගෙන ප්‍රශ්න කිරිම සිදුවේ. මෙම සිදුවීමවලට අදාළ තවත් පුද්ගලයින් 1655 දෙනෙකු දැනට ඇප මත මුදා හැර ඇත.

    Latest News