රතන හිමිගේ දින 04 ක උපවාසය නවතයි

ජූනි 03, 2019

    පූජ්‍ය අතුරලියේ රතන හිමියන් උපවාසය මීට සුළු මොහොතකට පෙර අවසන් කර තිබේ.

    මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා විසින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාද් සාලි මහතා හා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ ඉල්ලා අස්වීම පිළිබඳ ලිඛිත ලේඛන උන්වහන්සේට බාර දීමෙන් පසු උපවාසය මෙලෙස අවසන් කර තිබේ.අනතුරුව අතුරලියේ රතන හිමියන් ගිලන් රථයකින් මහනුවර රෝහල වෙත ගෙන යනු ලැබීය.

    අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා අද දිනය තුල ඉවත්වනු ඇති බව උපවාසය අත්හැරීමෙන් පසු පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පවසයි. ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණයක් ගනු ඇති බවද උන්වහන්සේ විශ්වාසය පළ කළහ. එසේ නොමැති වුවහොත්, පාර්ලිමේන්තුව තුලින් ඔහු ඉවත් කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කර ඇති බව ද පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේය.

    Last modified on සදුදා, 03 ජූනි 2019 15:13

    Latest News