තවුහිද් නායක සහරාන්ගේ පරිඝනකය හා කල්මුණේ සියාම් සැඟවු මුදල් අත්අඩංගුවට (ඡායාරූප)

මැයි 31, 2019
  • සහරාන්ගේ අම්පාර දිස්ත්‍රික් නායකයා වන කල්මුනේ සියාම් සඟවා තිබූ රුපියල් ලක්ෂ 50 ක් අම්පාර පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    මින් ලක්ෂ 15 ක් දින දෙකකට පමණ පෙර සොයා ගත් අතර ඉතිරි ලක්ෂ 35 මුදල අද (31) සොයා ගත් බව පොලිසිය පවසයි. මීට සති දෙකකට පෙර කල්මුනේ සියාම් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් පවති. එ අනුව ඔහුගෙන් ලද තොරතුරු වලට සහ බුද්ධි අංශ ලද තොරතුරු අනුව කළ දීර්ඝ විමර්ශනයකින් පසුව මෙම මුදල් සොයාගෙන තිබේ.

    saharanlaptop1 px 900 19 05

    මෙම මුදල් කල්මුනේ සියාම්ගේ මාමාට තිබූ බවත්, ඔහුගේ නිවසෙහි අල්මාරියක සඟවා තිබියදී මුදල්වලින් කොටසක් සොයාගෙන ඇත. තිරි මුදල් සංයුක්ත තැටි ක්‍රියාත්මක කරන යන්ත්‍රයක් තුළ තිබී සොයා ගත් බව පොලිසිය පවසයි.

    ත්‍රස්තවාදී නායක මොහොමඩ් සහරාන්ගේ බවට සැක කෙරෙන ලැප්ටොප් පරිගණකය අක්කරේපත්තුව, පාලමුනේ කලපුවේ තිබී සොයා ගෙන තිබේ. එයද කල්මුනේ සියාම් විසින් කලපුවේ සඟවා දි පොලිසිය විසින් සොයා ගැනීන. අප්‍රේල් 26 වැනි දා සහරාන්ගේ සහෝදරයෙකු වන සෙයිනි විසින් බෝම්බය පුපුරුවා ගැනීමට පෙර මෙම මුදල් සහ ලැප්ටොප් පරිගණකය ලබා දුන් බව කල්මුනේ සියාම් අනාවරණය කර ඇත.

    සෙයිනි විසින් සහාරන්ගේ අම්පාර නායකයා වන සියම්ට ප්‍රකාශ කර ඇත්තේ මෙම පරිගණකය ඉතාමත් ආරක්ෂාවට තබා ගන්නා ලෙසයි. මෙයට අමතරව රත්තරන් මාල දෙකක්, කරාබු ජෝඩුවක්, මුද්දක් ද ආරක්ෂක අංශ විසින් සොයා ගෙන තිබේ. නිවසේ හිමිකරු අත්අඩංගුවට ගැණුනු අතර කල්මුණේ සියාම් නමැත්තා අත්අඩංගුවට ගැනීමට ප්‍රථම මේ මුදල් හා රන් ආභරණ බාරදී ඇති බව පැවසේ. ලැප්ටොප් පරිගණකය භාරගැනීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු එය කලපුවට දමා තිබේ.

    saharanlaptop px 900 19 05

     “මොහොමඩ් සහරාන් යන අයගේ කල්මුණේ සම්බන්ධිකාරක වශයෙන් කටයුතු කරපු පුද්ගලයෙක්ව පසුගිය 22 වැනි දින අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකිවුණා. මේ පුද්ගලයා ෂාවුල් හමීඩ් හමීස් මොහොමඩ් නොහොත් කල්මුණේ සියාම් නමින් හඳුන්වන පුද්ගලයෙක්. මොහුව අත් අඩංගුවට ගැනීමෙන් පසුව රඳවා තබාගැනීමේ නියෝග මත දිගින් දිගටම විමර්ශන කටයුතු සිදු කළා. මේ ත්‍රස්තවාදී කණ්ඩායම කල්මුණේ හා ඒ අවට ආරක්ෂිත නිවාස කිහිපයක සිටි බවට අනාවරණය කළා. මේ ආරක්ෂිත නිවාස මේ ත්‍රස්තවාදී කණ්ඩායමට ලබාදී තිබුණේ මේ අත්අඩංගුවේ පසුවන මේ සැකකරු විසින් බවට විමර්ශනයේදී අනාවරණය වෙලා තියෙනවා“ යැයි පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

     

     

    Last modified on සිකුරාදා, 31 මැයි 2019 20:34

    Latest News