උපාධිධාරීන් 592ක් ගුරු සේවයට (වීඩියෝ)

මැයි 30, 2019

    සංවර්ධන නිලධාරීන් ලෙස පද්ධතියේ සේවය කරමින් සිටි උපාධිධාරීන් 592 දෙනෙකු ගුරු සේවයට බඳවා ගැණින.

    මෙසේ පත්වීම් ලැබූවේ, ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල හා දෙමළ මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහායි. උපාධිධාරීන් රැකියාගත කිරීමේ වැඩසටහන යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
    අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (30) උදේ කොළඹ පැවති උත්සවයේ දී, මෙම පිරිස ගුරු සේවයේ 3-1 (අ) ශ්‍රේණියට සහ 2-11 ශ්‍රේණියට බඳවා ගැණින.
    රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්වූහ.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:16

    Latest News