අන්තවාදීන් සුළු පිරිසක් ජාතිවාදය ඇතිකරන්න හදනවා; පා.ම. මුජිබර් (වීඩියෝ)

මැයි 30, 2019

    තේරීම් කාරක සභාව හරහා, ජනතාවට සැබෑ තොරතුරු හෙළිදරව් වෙද්දී, ඒකාබද්ධ විපක්‍ෂය ඊට විරුද්ධ වන්නේ ඇයි-දැයි පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහාත ප්‍රශ්න කරයි.

    අරලියගහ මන්දිරයේ අද (30) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව සඳහන් කළේය. එහිදී අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා...

    “තේරීම් කාරක සභාවේ දී බුද්ධි අංශයේ ප්‍රධානියා ඇවිල්ලා ලබාදීපු මේ කටඋත්තරය අනුව එතුමා කිව්වා මේක දින 12කට කලින් ලබාදුන්නා කියලා. ඒක ඇයි ක්‍රියාත්මක වුණේ නැත්තේ. දැන් ඒ දේවල් දැන් හෙළිදරව් වෙමින් එළියට එනවා. මේක ගැන බිල්ලෝ මවලා, එක-එක මැති-ඇමතිවරුන්ට චෝදනා කරලා, ආණ්ඩුවට චෝදනා කරලා මේක වෙන පැත්තකට හරවන්න ගිය ඒකාබද්ධ විපක්‍ෂයේ මන්ත්‍රීවරු ටික දැන් භූමිතෙල් ගහපු ගැරඩි වගේ දඟලන්න පටන් අරගෙන තියෙනවා.

    මේ අන්තවාදීන් සුළු පිරිසක් දැන් නැගිටලා ඇවිල්ලා, ජාතිවාදය, ආගම්වාදය අවුස්සලා, ජාතීන් අතර ඇණකොටාගැනීම් ඇති කරලා, ඒ තුළින් තමුන්ගේ බලය ලබාගැනීමේ පටු උවමනාව මේ රටේ බහුතර ජනතාවගේ මතය යටපත් කරන්න දෙන්න එපා. කුරුණෑගල දොස්තර මහත්තයාගේ සිද්ධියත් එක්ක එස්.බී. දිසානායක මහත්තයා ඇවිල්ලා කියනවා එදත් දොස්තර කෙනෙක් හිටියා පේරාදෙණිය ඉස්පිරිතාලේ කියලා. මොනවද එයා මේ කියන්නේ. එයා මොනවද මේකෙන් බලාපොරොත්තු වෙන්නේ. එයා බලාපොරොත්තු වෙන්නේ මේක තුළ මුස්ලිම් විරෝධ්‍ය ඇති කරලා මේ රටේ නැවත ආගම්වාදී, ජාතිවාදී ගැටුම් නිර්මාණය කරන්න තමයි මේ බලාපොරොත්තුව“ යැයි මුජිබර් රහුමාන් මහතා පැවසීය.

    Last modified on බ්‍රහස්පතින්දා, 30 මැයි 2019 20:20

    Latest News