පොලිස් ප්‍රකාශක - හදිසි තොරතුරකට පාසල් 02ක පරීක්‍ෂාවක්

මැයි 30, 2019

    පොලිස් විශේෂ කාර්යාංශයට කොළඹ පාසල් දෙකක් සම්බන්ධයෙන් යම් තොරතුරක් ලැබී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී, රුවන් ගුණසේකර මහතා පවසයි.

    අද(30) සවස කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේය.

    ලැබුණු එක් තොරතුරක් අනුව බම්බලපිටිය ප්‍රදේශයේ පාසලක් ආසන්නයේ පිහිටි ඇළ මාර්ගයක ආවරණය වන පරිදි ඉදි කර ඇති දැල් වැට තැනින් තැන කැඩී ගොස් ඇති බවට වාර්තා වී තිබු බව ඔහු පැවසිය. එම පාසලේ ඇති අබිලි කැබලි විශාල වශයෙන් ගොඩ ගැසී ඇති බවට තොරතුරක් ලැබුණ බවත් රුවන් ගුණසේකර පෙන්වාදුනි.

    පාසල ඉදිරිපිට විශාල වශයෙන් නතර කර ඇති වාහන සම්බන්ධයෙන් ගැටළුවක් පැවති බව ද කියා සිටියේය. මෙම තොරතුරු සන්නිවේදනයේ දුර්වලතාවයක් මත ආරක්ෂක තත්ත්වය අස්ථාවර බවට තොරතුරු පැතිර ගොස් තිබු බවත්, එවැනි කට කථාවලට නොරැවටෙන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලා සිටි.

    Latest News