අනුරාධපුරේ දී කාර් එකක් ගිනි ගනී (වීඩියෝ)

මැයි 30, 2019

    හදිසියේ කාර් රථයක් ගිනි ගැනීමේ සිදුවීමක් අනුරාධපුර නගරයෙන් වාර්තාවේ.

    අනුරාධපුර නගරයේ නව බස්නැවතුම්පල ආසන්නයේ ඇති වෙළඳ සැලක් ඉදිරිපිටදී මෙම මෝටර් රථය ගිනි ගැනීමට ලක්ව ඇත.

    කඳාන ප්‍රදේශයේ සිට වව්නියාව බලා ගොස් නැවත එමින් සිටිය දී මෙම සිදුවීම වී තිබේ. රියදුරු ඇතුළු කාන්තාවන් දෙදෙනෙක් සහ එක් කුඩා දරුවෙකු මෙහි ගමන් කර තිබේ. රථය නවතා තිබෙන විට මෙම ගිනි ගැනීම සිදුව තිබෙන නිසා කිසිවෙකුටත් තුවාල සිදු වී නොමැත.

    අසල සිටි පිරිස විසින් ගින්න නිවීමට උත්සහ කළද එය අපහසු වූ බැවින් අනුරාධපුර නගර සභාවේ ගිනි නිවීමේ ඒකකය දැනුවත් කර ඇත. පසුව ගිනි නිවීමේ රථයක් පැමිණ කඩිනමින් එම ගින්න නිවා දමා තිබේ.

    මෝටර් රථයේ ඇතිවූ කාර්මික දෝෂයක් නිසා මෙම ගින්න ඇති වී තිබෙන බව අනුරාධපුර පොලිසිය පවසයි.

    Latest News