හැරිසන්ගෙන් ඉවත්වූ විෂය මද්දුමබණ්ඩාරට;වසන්තටත් රාජ්‍ය ඇමතිකමක්

මැයි 29, 2019

    නව අමාත්‍යවරු දෙදෙනෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (29) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

    ඒඅනූව, රංජිත් මද්දුම බණ්ඩාර මහතා රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ සහ ග‍්‍රාමීය ආර්ථික කටයුතු අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. ඔහු මීට පෙර රාජ්‍ය පරිපාලන, ආපදා කළමනාකරණ ඇමති ලෙස ක්‍රියාක අතර අළුතින් ග්‍රාමීය ආර්ථික කටයුතු විෂය එක්කර තිබේ.


    පී. හැරිසන් මහතා කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍යවරයා ලෙස දිවුරුම් දී තිබේ. අමාත්‍යවරයා සතුව තිබූ ග්‍රාමීය ආර්ථික කටයුුත විෂය ඉවත්කර ඇත. 

    වසන්ත සේනානායක මහතා විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය ලෙසත් ජනාධිපතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්නේය. වසන්ත සේනානායක මහතා 2018 ඔක්තෝම්බර් 26 වැනිදාට පෙර විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ අතර නව අමාත්‍යවරු හා රාජ්‍ය අමාත්‍යවරු දිවුරුම් දීමේ දී ඔහුට තනතුරක් හිමි නොවීය.

    Last modified on බදාදා, 29 මැයි 2019 11:20

    Latest News