රණවිරු පාගමන මැදවච්චියෙන් අද ඇරැඹේ

මැයි 29, 2019

    යුද හමුදා සංග්‍රාමික බලසේනාව ආරම්භ කර වසර 25 ක් සපිරීම හා ත්‍රස්තවාදය අවසන් කර වසර 10 ක් සපිරීම නිමිත්තෙන් රණවිරු පාගමනක් අද (29) උදෑසන යුද හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මැදවච්චියෙන් ආරම්භ කෙරිණ.

    මැදවච්චිය පැරණි සෝදිසි මුරපොළ ඉදිරිපිටින් ආරම්භ කෙරුණු රණකාමීන්ගේ පාගමන ආරම්භක උත්සවයේ පූර්ණ සංවිධාන කටයුතු සිදු කළ වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් කුමුදු පෙරේරා මහතාද එක්විය. මැදවච්චියෙන් ආරම්භ වූ රණවිරු පාගමන ජුනි මස 08 වැනි දින කොළඹ නිදහස් චතුරශ්‍රය අසළින් අවසන් කිරිමට නියමිතව තිබේ.

    මෙම පාගමන සදහා ගුවන් සංග්‍රාමික බළසේනාවට අයත් නිළධාරින් 31 සහ සෙසු නිලයින් 600 ක් පමණ සහභාගීවූ අතර, මැදවච්චිය, අනුරාධපුර ,තිරප්පනේ, මරදන්කඩවල, හඹරණ, දඹුල්ල, නාවුල, මාතලේ, අකුරණ, කටුගස්තොට, මහනුවර, පේරාදෙණිය, කඩුගන්නාව, මාවනැල්ල, කෑගල්ල, වරකාපොළ, නිටිටඹුව, යක්කල, කඩවත, කිරිබත්ගොඩ, කැළණිය, ග්‍රෑන්ඩ්පාස්, කුරුදුවත්ත, දෙමටගොඩ සහ බොරැල්ල යන නගරයන් හරහා ගමන් කිරිමට සංවිධානය කොට තිබේ.

    රණවිරු පාගමන වෙනුවෙන් යුද හමුදා පූර්ණ ආරක්ෂාවක් මැදවච්චිය සිට කොළඹ දක්වාම සැපයීමට පියවර ගෙන තිබේ.

    army8

    army1

    army3

    army7

    Last modified on බදාදා, 29 මැයි 2019 10:38

    Latest News