සමෘද්ධිය වසර 24ක් ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක්

මාර් 08, 2019

    අමාත්‍යවරයා අද (08)පාර්ලිමේන්තුවේ දී අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් මේ බව සඳහන් කළේය

    . මේ රටේ සෑම කොටසක්ම වෙනුවෙන් ම සහන දෙන අයවැය ලෙස මෙම අයවැය හැදින්විය හැකියි. රට බාර ගන්නකොට විශාල ණය කන්දක් එක්ක තිබුණේ.

    අද අපි ණය ගෙවමින් රටට අයෝජන වැඩි කර තිබෙනවා. මෙවර අයවැයෙන් රටේ සංවර්ධනයට බිලියන හත්සිය පනස් හයක් ආයෝජනය කරනවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවලට මිල පාලනයක් තිබෙනවා. 2015ට පෙරට වඩා අඩුව තිබෙන්නේ. ඉන්ධන සහන මිලට ලබාදෙනවා. මේ රටේ උද්ධමනය පාලනය කළ එකම ආණ්ඩුව මෙයයි.

    ''ළඟම පාසල හොඳම පාසල'' යටතේ, ගමේ පාසලේ සියලු අවශ්‍යතවන් ලබාදෙමින් යනව. සමෘද්ධි ව්‍යාපාරය වසර 24ක් තිස්සේ දේශපාලන ඡන්ද ගැනීමේ ව්‍යාපාරයක් කළා. සමෘද්ධි දීමනාව තුන් ගුණයකින් වැඩි කළේ අපි. රජයේ සේවකයා වෙනුවෙන් වැඩියෙන් ම වැඩ කළ ආණ්ඩුව මෙයයි. ලබන වසරේ 24250ක් වෙනවා කම්කරුවාගේ වැටුප වැඩි වෙනවා. රජයේ සේවකයන්ට ආත්මගරුත්වයෙන් ජීවත් වෙන්න අවස්ථව ආණ්ඩුවෙන් ලබාදී තිබෙනවා. බිලියන 12ක් විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරන්න වෙන් කර තිබෙනවා.මොන ප්‍රශ්න තිබුණත් රජයේ සේවකයින්ට සළකා තිබෙනවා. පොලීසියේ වැටුප් වැඩි කර තිබෙනවා.ස්වාධීන පොලිස් කොමිෂමක් ඇති කර තිබෙනවා.පොලීසියේ සියල්ලට රාජකාරි කරන්න අවස්ථාව ලබාදී තිබෙනවා'' යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

     

     

     

     

     

    Latest News