ෂරියා විද්‍යාලය ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරා, ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි; තිලංග (වීඩියෝ)

මැයි 28, 2019

    මඩකලපුව ෂරියා විද්‍යාලය රාජ්‍ය ආරක්‍ෂක අමාත්‍යාංශයට පවරාගෙන, ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් බවට පත් කළ යුතු යැයි, පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා, පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    එම යෝජනාව ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභාවට යොමු කිරීම සඳහා ජනාධිපතිතුමාට සහ මහලේකම්වරයා වෙත ඉදිරිපත් කර තිබේ. මඩකලපුව ශරියා විද්‍යාලය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඊට යම් විසඳුමක් ලබාදීම, ජාතික අවශ්‍යතාවක් සේ සලකා කටයුතු කිරීම සැමගේ වගකීමක් බව, මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

    Last modified on අඟහරුවාදා, 28 මැයි 2019 23:06

    Latest News