6ක් රෝහලට යැවූ නිවන්දම අනතුර

මැයි 27, 2019

    ගම්පහ,ගනේමුල්ල දකුණු නිවන්දම ප්‍රදේශයේ සිදුවී රිය අනතුරකින් පුද්ගලයන් 6 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කෙරිණ.

    ගනේමුල්ල ප්‍රදේශයේ මංගල උත්සවයකට සහභාගී වී නිවන්දම පිහිටි මනාලයාගේ නිවස කරා යමින් සිටියදීයි අනතුර සිදුව ඇත්තේ. ඉදිරියෙන් පැමිණි ත්‍රීරෝද රථයකට ඉඩදීමට යාමේ දී වෑන් රථයේ වේගය පාලනය කරගත නොහැකිවීමෙන් එය, දුරකථන කණුවක ගැටී තිබේ. එහිදී වෑන් රථයේ සිටි ගැබිණි කාන්තාවක් ඇතුළු 6 දෙනෙකු තුවාල ලබා රාගම රෝහලට ඇතුළත් කෙරිණ.

    ගැබිණි කාන්තාව රියදුරාගේ බිරිඳ වන අතර ඇය සිසේරියන් සැත්කමකට භාජනය කිරීමට වෛද්‍යවරුන් කටයුතු කළේය. තුවාල ලැබූ ඉතිරි පිරිසට කුඩා දරුවන් දෙදෙනෙක් ද අයත්. වෑන් රථයට ද දැඩි අලාභහානි සිදුවිය.

    Last modified on සදුදා, 27 මැයි 2019 09:00

    Latest News