ඉදිරි දිනවල වැසි වැඩිවීමක්

මැයි 22, 2019

    ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කෙරෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    බස්නාහිර, සබරගමුවසහ දකුණු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    මධ්‍යම,ඌව,උතුරු-මැද, වයඹ සහ නැගෙනහිරපළාත්වලත්වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න්පමණපසුවතැනින් තැන වැසිහෝගිගුරුම්සහිතවැසිඇතිවේ.

    මධ්‍යම,සබරගමුව,දකුණු සහ ඌව පළාත්වලත්කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.100ක පමණ තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැකියි.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    Last modified on බදාදා, 22 මැයි 2019 07:50

    Latest News