බස්නාහිරට සහ දකුණට වැසි

මැයි 21, 2019

    ඉදිරි දිනවලදී දිවයිනේ බොහෝ ප්‍රදේශවල, විශේෂයෙන් නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.බස්නාහිර සහ දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවේ.

    මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු - මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයෙත් ඇතැම් ස්ථාන වලට මි.මී.75ක පමණ තරමක තද වර්ෂාපතනයන් ද ඇති විය හැක.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක. අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි. පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. 

    දිවයින වටා මුහුදු ප්‍රදේශවල සුළං නිරිත දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 20-30 පමණ වේ. පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා සහ හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැ.කි.මී. 50 දක්වා වැඩි විය හැක. 

    Latest News