විපක්ෂයේ දේශපාලන නායකයින් පාසල් යාමේ තීරණය සතුටක්......අධ්‍යාපන අමාත්‍ය අකිල

මැයි 19, 2019

    කුමන වටපිටාවක් තුළ දී වුවද පාසල් දරුවන්ගේ අධ්‍යාපනය කඩාකප්පල් කිරීම ඉඩ තැබිය නොහැකි බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    ඇතැම් කණ්ඩායම් රට අකර්මණ්‍ය කොට දේශපාලන වාසි අපේක්ෂාවෙන් බලා සිටි මොහොතක රජය ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා කැපවී ක්‍රියා කළ බව ඔහු පවසයි. පාසල් නැවත ආරම්භ කර දරුවන්ගේ අධ්‍යාපන අයිතිය ආරක්ෂා කිරීමට ක්‍රියා කළ විට එයට විවිධ බලපෑම් එල්ල කළ කණ්ඩායම් විසින්ම තමන්ගේ තීරණය අගය කරමින් සිටීම සතුටට කරුණක් බවද අධ්‍යාපන ඇමතිවරයා අවධානරය කළේය.

    අමරපුර සංඝ සභාවේ මහනායක, පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහනායක ස්වාමින් වහන්සේගේ සුවදුක් විමසීමට ගල්කිස්ස ශ්‍රී ධර්මපාලාරාම විහාරස්ථානයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදීන් නැගූ පැනයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව කියා සිටියේය.

    මහින්ද රාජපක්ෂ මහතා ප්‍රමුඛ ඒකාබද්ධ විපක්ෂ මන්ත්‍රීවරුන් එළඹෙන අඟහරුවාදා ආරක්ෂාව තහවුරු බව පෙන්වමින් පාසල් වෙත යාමට සූදානම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයාගේ මතය කුමක්දැයි මෙහි දී මාධ්‍යවේදියා ප්‍රශ්න කර සිටියේය.

    රටේ උන්නතිය සහ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමා සැමවිටම නොබියව තීන්දු තීරණය ගත් බවත්, ඊට එරෙහිව දේශපාලන වාසි අපේක්ෂාවෙන් ක්‍රියා කළ ඇතැම් කණ්ඩායම් තව දුරටත් එම ක්‍රියාවෙහි නිරත වන බව පිළිතුර ලෙසින් පෙන්වා දුනී. සියල්ලටම එක්වී රටේ උන්නතිය වෙනුවෙන් ක්‍රියා කිරීමට හැකිනම් නම් ඒ පිළිබඳ තමන් ද සතුටට පත්වන බව වැඩිදුරටත් සඳහන් කළේය.

    Latest News