ඉඩමක ගස් කපා පරිසර විනාශයට 02ක් අත්අඩංගුවට

මැයි 17, 2019

    හැටන් රුවන්පුර ජනපදය ආසන්නයේ වනවගා රක්ෂිතයක් එක්ස්කැවේටර් යන්ත්‍රයකින් පස් ගොඩ කල සැකකරුවන් දෙදෙනෙක් ඊයේ (16) රාත්‍රී අත්අඩංගුවට ගෙන තිබේ.

    හැටන් රුවන්පුර ජනපදයේ පදිංචිකරුවෙකු විසින් ඔහුගේ ඉඩමට මායිම්ව පිහිටි යුකෙලෙප්ස්ටික් වනවගා රක්ෂිතය අවසරයකින් තොරව කපා පස් ගොඩ කර ඇත. ඔහු විශාල වලවල් කපා අනවසර මැණික් ගරා ඇති බව ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් සහ ග්‍රාමසේවා නිලධාරිනියගෙන් ලද පැමිණිල්ලක් මත ඉඩම් හිමියා සහ එක්ස්කැවේටර් යන්ත්‍ර රියදුරු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

    හැටන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ගිනිගත්හේන ප්‍රාදේශිය ලේකම් ලද පැමිණිල්ලක් අනුව ඉඩම් නිලධාරි සහ ග්‍රාමසේවා නිලධාරිනිය ඊයේ(16) පස්වරුවේ රුවන්පුර ජනපදයට පැමිණ ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුවයි.

    එලවලු වගා කිරිම සදහා එක්ස්කැවේටර් යන්ත්‍රයකින් යොදාගෙන බිම සකස් කර ජලය එක්රැස් කර තැබිමට වලවල් කිහිපයක් කැපු බව, රජයේ ඉඩම් කිසිවක් තමන් අත්පත් කර ගැනිමට කටයුතු නොකල බව අත්අඩංගුවට ගත සැකකාර ඉඩම් හිමියා කියා සිටි. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නිමිතයි.

    land2 px 900 19 05 17

    land3 px 900 19 05 17

    Latest News