ත්‍රස්තවාදය පරාජය කිරීමට සහයෝගීව ක්‍රියාකළ යුතුයි - ඇලයිනා ටෙප්ලිට්ස්

මැයි 13, 2019

    ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා මාලදිවයින හා ශ්‍රී ලංකාව සහයෝගීව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා සහ මාලදිවයින් අමෙරිකානු තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය පෙන්වා දෙයි.

    ඇය සඳහන් කරනුයේ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා සියලු රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කළ යුතු බවත් මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර එම සහයෝගීතාවය වැඩි වශයෙන් සිදු විය යුතු බවත්ය.

    ටෙප්ලිට්ස් මහත්මිය මේ බව කියා සිටියේ පසුගිය ඉරිදා සවස් කාලයේ දී මාලදිවයිනේ පිහිටි අමෙරිකා තානාපති කාර්යාලයේ සත්කාරකත්වයෙන් පැවැති ඉෆ්තාර් උත්සවය අමතමිනි.

    වාර්ගිකත්වය, ආගම හෝ කුමන ජාතියකට අයත් වුවද, සියලු දෙනා එක්වීමේ වටිනාකම ශ්‍රී ලංකාවේ පාස්කු ඉරිදා සිදුවූ බෝම්බ ප්‍රහාර මාලාවෙන් පසක් වන බව ද තානාපතිනී ඇලයිනා ටෙප්ලිට්ස් මහත්මිය වැඩිදුරටත් අවධාරණය කරන ලදි.

    Latest News