නීතිපති දප්පුල ද ලිවේරා ජනපති ඉදිරියේ දිවුරුම් දෙයි

මැයි 10, 2019

    දප්පුල ද ලිවේරා මහතා නව නීතිපති ලෙස අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉදිරියේ දිවුරුම් දෙන ලැබිණ.

    අභ්‍යන්තර ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස එච්.එම්. ගාමිණි සෙනෙවිරත්න මහතා පත් කර තිබෙන අතර, ප‍්‍රාථමික කර්මාන්ත හා සමාජ සවිබල ගැන්වීම් අමාත්‍යාංශයේ නව ලේකම් ලෙස කේ.ජී අශෝකා අලවත්ත මහත්මිය පත් කර තිබේ. එම මහත්ම මහත්මීන් ද අද ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.

    Latest News