ඥාණසාර හිමි නිදොස් කොට නිදහස් කරන්න ඉල්ලීමක්

මැයි 10, 2019

    මාලඹේ මත්ද්‍රව්‍ය වැටලීමක නිරත පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන්ගේ රාජකාරියට බාධා එල්ල කිරිමේ චෝදනාවෙන් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමි නිදොස් කොට නිදහස් කරන්නැයි ජනාධිපති නීතිඥ ටිරන්ත වරලියද්ද මහතා අද අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

    කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය දි අද පෙත්සම් විභාගයට ගැණින.

    පෙත්සම කැඳවු අවස්ථාවේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය මගින් සැකකාර ඥාණසාර හිමියන්ට එරෙහිව චෝදනා පත්‍රයක් ඉදිරිපත් කෙරිණ. අයුතු ජන රාශියක් ලෙසින් කටයුතු කරමින් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව ඒ තුළින් ඥාණසාර හිමියන්ට එල්ල කර තිබිණ.

    මෙම චෝදනා පදනම් විරහිත බැවින් ඥානසාර හිමියන් නිදොස් කොට නිදහස් කරන ලෙස ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා අධිකරණය ඉල්ලා සිටියේය. එ අනුව මෙම ඉල්ලීම සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගන්නා ලෙස ඔහු පොලිසිය දැනුවත් කරනු ලැබිණ. එ අනුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය පැමිණිල්ල නැවත ජුනි මස 07 වනදා කැඳවීමට නියම කෙරිණ.

    2017 වසරේ මාලඹේ මත්ද්‍රව්‍ය වැටලීමේ මෙහෙයුමකට ගිය පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්ට බාධා කළේ යැයි ඥානසාර හිමියන්ට එරෙහිව සංවිධානාත්මක අපරාධ විමර්ශන ඒකකය විසින් මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.

     

     

    Latest News