තව්හිද් ජමාද් නායක සහරාන්ගේ සමීපතමයෙකු අත්අඩංගුවට

මැයි 09, 2019

    තව්හිද් ජමාද් සංවිධානයේ නායක මොහොමඩ් සහරාන් සමඟ සබඳතා පැවැත්වූ මොහොමඩ් අලියර් කාන්තන්කුඩියේ දී අද (09) අත්අඩංගුවට ගෙන තිබේ.

    මෙම සැකකරු තව්හිද් ජමාද් සංවිධානයේ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් කටයුතු කළ බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියා සිටී. වයස අවුරුදු 60ක් පමණ වන මොහොමඩ් අලියර් නමැති සැකකරු කාන්තන්කුඩිය දෙක මෙත්තා පල්ලිය පාර ප්‍රදේශයේ පදිංචි කරුවෙකි.

    Latest News