ලංකාවට යුරෝපා සංගමයේ සහය

මැයි 10, 2019

    ශ්‍රී ලංකාවට ඕනෑම සහයක් ලබාදීමට සූදානම් බව යුරෝපා සංගමය පවසයි.

    ත්‍රස්ත තර්ජන මැඩ පැවැත්වීමට අවශ්‍ය සහය යුරෝපා සංගමයෙන් හිමි වන බව ශ්‍රී ලංකා සහ මාලදිවයින් තානාපති ටුන්ලායි මර්ග් මහතා පවසයි.

    යුරෝපා සංගමය සැමවිටම ශ්‍රී ලංකාවේ සමීපතම හිතවතෙකු සහ හවුල්කරුවෙකු ලෙස ක්‍රියා කරයි.

    පසුගිය වසර 10ක කාලය තුළ යුරෝපා සංගමය ශ්‍රී ලංකාවේ සංවර්ධනය සහ මානුෂිය ආධාර වෙනුවෙන් යුරෝ මිලියන 760කට අධික මුදලක් ලබාදී තිබේ.

    ඒ අතර, ජී.එස්.පී ප්ලස් සහනය ලබාදීම මඟින් අපනයන ආදායම වැඩිකර ගැනීමට සහයෝගය ලබාදී ඇති බව ද පෙන්වා දේ.

    Latest News