පතුරොම් සහ පතුරොම් කොපු කිහිපයක් විතාරන්දෙණියෙන්

මැයි 06, 2019

    තංගල්ල - වීරකැටිය ප්‍රධාන මාර්ගයේ විතාරන්දෙණිය ප්‍රදේශයේ වෙල්යායක් අසල දමාගොස් තිබූ ජීව පතුරොමක් සහ හිස් පතුරොම් කොපු කිහිපයක් අද(06) වීරකැටිය පොලිසියේ නිලධාරීහු සොයා ගෙන තිබේ.

    පතුරොම් තුවක්කු සඳහා යොදන දිරාගිය ජීව පතුරොමක්, ගුවන්යානා නාශක අවිවලට යොදන භාවිත කරන ලද හිස් පතුරොම් කොපු දෙකක්, ටී 56 ගිනිඅවි සඳහා යොදන භාවිත කරන ලද පතුරොම් කොපුවක් මෙලෙස සොයාගෙන ඇත. මාර්ගයේ ගමන්කරමින් සිටි අයකු මෙය දැක ඒ පිළිබදව වීරකැටිය පොලිසිය දැනුවත් කර ඇති අතර මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදුකෙරේ.

    Latest News