නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට

මැයි 06, 2019

    නැගෙනහිර නාවික විධානයට අනුයුක්ත නාවිකයින් පිරිසක් විසින් ඊයේ දින (මැයි 05) මාන්කේනි පුදේශයේ සිදුකළ ජංගම මුර සංචාරයක් අතරතුර නීති විරෝධි ලෙස ගවයින් ප්‍රවාහනය කල පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    නාවික හමුදා සෙබලන් විසින් සැක සහිත ලෙස ගවයින් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් නිරීක්‍ෂණය කර ඇති අතර, එම කැබ් රථය නවතා පරික්‍ෂාවට ලක්කර ඇත. එහිදී මහින්ද්‍රා වර්ගයේ මෙම කුඩා කැබ් රථයේ එකිනෙකා තදවනසේ පටවාගෙන යන ගවයින් පස්දෙනෙකු (05) සිටි අතර, එම ගවයින් නීතිවිරෝධි ලෙස පටවාගෙන යන බව තහවුරු කර ගැනිමෙන් අනතුරුව එම පුද්ගලයා, කැබ් රථය සහ ගවයින් නාවික හමුදා භාරයට ගෙන ඇත.

    අත්අඩංගුවට පත්, පුද්ගලයා වයස අවුරුදු 31 හි වියෙහි පසුවන වාලච්චේනෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනා‍ගෙන ඇති අතර, එම පුද්ගලයා, කැබ් රථය සහ ගවයින් ඉදිරි කටයුතු සඳහා වාකරේ, පොලිසිය වෙත භාර දීමට කටයුතු කරන ලදී.

    Latest News