විදේශගත ශ්‍රමිකයින්ට විශේෂ මෘදුකාංගයක්..... ඇමතුම් දේශීය දුරකථන බිලටම

මැයි 03, 2019

    විදේශගත ශ්‍රමිකයින් වෙනුවෙන් විශේෂ මෘදුකාංගයක් හඳුන්වා දීමට බලාපොරොත්තු වන බව විදුලි සංදේශ, වි‍දේශ රැකියා සහ ක්‍රීඩා කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි.

    ඒ අනුව, විදේශ ගත වන ශ්‍රමිකයින්ගේ තොරතුරු, ඔවුන් ඉන්නේ කුමන රටක ද වැනි තොරතුරු පිළිබඳ මෙම මෘදුකාංගය ඔස්සේ දැන ගත හැකියි.

    දිවයිනේ ප්‍රකට දුරකථන සමාගමක් සමඟ එක්ව මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නංවන බව අමාත්‍යවරයා සඳහන් කර සිටී.

    තවද විදේශ ගත ශ්‍රමිකයින් සඳහා සිම් පත් ලබා දීමේ වැඩපිළිවෙලක් ද ක්‍රියාවට නංවන අතර, ඒ ඔස්සේ දේශීය දුරකථන බිලටම විදේශීය ශ්‍රමිකයන්ට මෙරට ඥාතින් සමඟ අදහස් හුවමාරු කරගත හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    Last modified on සිකුරාදා, 03 මැයි 2019 13:44

    Latest News