සා/පෙළ සඳහා අයදුම්පත් කැඳවේ

මැයි 03, 2019

    අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කෙරේ.

    විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන පරිදි මේ මස 24 වැනි දින දක්වා අයඳුම්පත් බාර ගැනේ.

    රජයේ පාසල් හා අනුමත පිරිවෙන් වලට අදාළ අයඳුම්පත් මේ වනවිට තැපැල් මඟින් යොමුකර ඇති අතර, අයඳුම්පත් මෙතෙක් නොලැබුණු පාසල් තිබේ නම් ඒ පිළිබඳ විභාග දෙපාර්තමේන්තුවේ පාසල් විභාග ශාඛාවට දැනුම් දිය යුතුයි.

    පුද්ගලික අයදුම්කරුවන් සඳහා විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියේ ආදර්ශ අයඳුම්පතක් ඉදිරිපත් කර ඇත.

    පාසලෙන් අස්වී ඇති අයඳුම්කරුවන්ට පමණක් පුද්ගලික අයඳුම්කරුවෙකු ලෙස විභාගයට ඉල්ලුම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

    2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය ලබන දෙසැම්බර් මාසයේදී පැවැත්වේ.

    Latest News